Skip to main content

ක්ෂුද්‍ර ජීවීන්


  • පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැකි ක්ෂුද්‍ර ජීවීන් වේ.
  • ක්ෂුද්‍ර ජීවීන්ගේ දේහ 0.1mm වලට වැඩ කුඩාය.
  • බැක්ටීරියා වල තරම මයික්‍රොමීටර වලින් හා වෛරස වල තරම නැනෝ මීටර වලින් දක්වනු ලැබේ.
  • Anton Van Leeuwenhoek විසින් මුල් වරට ආලෝක අන්වීක්ෂය නිපදවිය.
  • ක්ෂුද්‍ර ජීවීන් සර්ව ව්‍යාප්ත ජීවීන් ක්හාන්දයකි. එනම් මොවුන් සියලුම පරිසර කලාප වල දක්නට ලැබේ.

ක්ෂුද්‍ර ජීවීන් සර්ව ව්‍යාප්තියක් දැක්වීමට හේතු,
  • ප්‍රමාණයෙන් කුඩා වීම.
  • සීග්‍ර වර්ධනයක් හා ප්‍රජනන හැකියාවක් තිබීම.
  • රූපීය හා කායික විවිධත්වය
  • පෝෂණ විවිධත්වය
  • වෙනත් මහා ජීවීන් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමට හැකියාව. 

ක්ෂුද්‍ර ජීවී ඛාණ්ඩ
  • සෛලීය සංවිධානය අනුව වෙන්කළ හැකි ඛාණ්ඩ
    • සූ න්‍යෂ්ටික
      • දිලීර
      • ඇල්ගී
      • ප්‍රෝටසොවාවන්
    • ප්‍රාග් න්‍යෂ්ටික
      • බැක්ටීරියා
      • සයනොබැක්ටීරියා

ශ්වසන විවිධත්වය අනුව ක්ෂුද්‍ර ජීවීන් වර්ගීකරණය
  • ස්වායු ක්ෂුද්‍ර ජීවීන් 
    • Acetobacter
  • වෛකල්පිත නිර්වායු
    • Saccharomyces
  • අනිවාර්යය නිර්වායු ක්ෂුද්‍රජීවීන්
    • Clostridium
  • ක්ෂුද්‍ර වාතකාමී ක්ෂ්ද්‍ර ජීවීන්
    • Lactobacillus

බැක්ටීරියා





රූපීය ආකාරය අනුව බැක්ටීරියා ප්‍රධාන ආකාර 3කි.
  • ගෝලාකාර/ කොකුස
  • දන්ඩාකාර/ බැසිලස
  • සර්පිලාකාර/ ස්පිරිලුම්


  • බැක්ටීරියා අධික වර්ධන වේගයක් පෙන්නුම් කරයි.
  • බැක්ටීරියා සෛල බිත්තිය පෙප්ටිඩොග්ලයිකෑන් වලින් සැදී ඇත.

ශ්වසන විවිධත්වය

1. ස්වායු බැක්ටීරියා
  • ශ්වසනයට ඔක්සිජන් අත්‍යාවශ්‍ය වේ.
    • Mycobacterium spp.


2. අනිවාර්යය නිර්වායු බැක්ටීරියා
  • ඔක්සිජන් රහිත පරිසර තුල වර්ධනය වේ.
    • Clostridium spp.
    • Fusobacterium spp.


3. ක්ෂුද්‍ර වාතකාමී බැක්ටීරියා
  • ඔක්සිජන් විෂ සහිත වේ. 
    • Lactobacillus spp.


4. වෛකල්පිත නිර්වායු බැක්ටීරියා
  • ඔක්සිජන් ඇති විට ස්වායු ශ්වසනයේ යෙදෙයි. ඔක්සිජන් නැති පරිසර වලදී පැසීමේ ක්‍රියාවලියෙන් ශක්තිය නිපදවා ගනී.
    • Escherichia coli
    • Staphylococcus spp.

  • බැක්ටීරියා වර්ධනය සඳහා ඇති ප්‍රශස්ත උෂ්ණත්වය 10°C සිට 50°C දක්වා වේ. මොවුන් ප්‍රිය කරන උෂ්ණත්වය 37°C ආසන්නයේ පවතී.

නයිට්‍රජන් චක්‍රය



නයුට්‍රජන් චක්‍රයේ ප්‍රධාන පියවර 2කි.
    1. නයිට්‍රීකරණය
    2. නයිට්‍රීහරණය




නයිට්‍රිකරණය 
ඇමෝනියම් අයන ඔක්සිකරණය කර නයිට්‍රයිට අයන සෑදයි ,මෙම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව රසායනික ස්වයන්පොෂි විසින් සිදු කරයි.

මෙය තව දුරටත් ඔක්සිකරණයකට ලක් කර නයිට්‍රිට සාදන අතර ශාක විසින් අවශෝෂණය කර ප්‍රෝටීන් නිපදවයි.

ඇමොනීකරණය
ජීවීන්ගේ මළ ද්‍රව්‍ය ජීරණය කිරීමේදී සිදුවන ප්‍රෝටීන හායනය (ප්‍රෝටීන අනු සරල ඇමයිනෝ අම්ල අනු බවට බිඳහෙලීම) සිදු වීමේදී ඇතිවන ඇමයිනෝ ඛාණ්ඩය ඇමෝනියා බවට පත් කිරීමේ අමොනීකරණය ලෙස හැඳින්වේ.

නයිට්‍රජන් තිර කිරීම
නයිට්‍රිජනේස් එන්සයිමය ස්වායු තත්ව යටතේ නිෂ්ක්‍රිය කරයි,මෙය නිෂ්පාදනය කරන බැක්ටීරියා නිර්වායු සහ ස්වායු පරිසර තත්ව යටතේ  නිදැල්ලේ වෙසෙන්නන්ගෙන්ද,ශාක මුල පද්දතිය ආශ්‍රිතව වාසය කරන්නන්ගෙන්ද සමන්විත වේ.


නිදැල්ලේ වෙසෙන නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා ඇසටොබැක්ටර් (Azotobactor) - ගෝලාකාර ස්වායු බැක්ටීරියා ක්ලෝස්ට්‍රිඩියම් (Clostridium) - දන්ඩාකාර නිර්වායු බැක්ටීරියා සයනෝබැක්ටීරියා (Cyanobacteria) - ප්‍රභාසංස්ලේෂක බැක්ටීරියා
ශාක සමග සහජීවී සම්බදයක් ඇති නයිට්‍රිජන් තිර කරන බැක්ටීරියා රයිසෝබියම් (Rhyzobium) - රනිල කුලයේ මූල ගැටිති සාදන බැක්ටීරියා ඇනබිනා (Anabaena) - ජලජ පර්නාන්ගයක් වන Azolla ශාකයක් වන Cycas ශාකයේ කොරල් හැඩ මුල් තුල වැඩෙන සයනෝබැක්ටීරියාවකි. නයිට්‍රීහරණය නයිට්‍රේට නයිට්‍රජන් වායුව බවට ඔක්සිහරණය කිරීම නයිට්‍රීහරණය නම් වේ.

උදා: Pseudomonas denitrificans
Micrococcus denitrificans
Thiobacillus denitrificans

දිලීර




වෛරස
වෛරස පිලිබඳ මුලින්ම අධ්‍යයනය කල්ව් 1892 රුසියානු ජීව විද්‍යාඥ Dimitri Ivanowski විසිනි.




මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා ක්ෂුද්‍රජීවීන් භාවිතය

සරල අන්වීක්ෂය සොයාගනු ලැබුවේ, Anton Van Leeuwenhoek විසිනි.

මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා ක්ෂුද්‍රජීවීන් භාවිතය
සරල අන්වීක්ෂය සොයාගනු ලැබුවේ, Anton Van Leeuwenhoek විසිනි.
පාන් සෑදීම
ක්ෂුද්‍ර ජීවීන්ගේ පැසීමේ ක්‍රියාවලිය උපයෝගී කරගන්නා ප්‍රධානතම ආහාරය වේ.
පියවර යීස්ට් අවලම්බිතය සමග තිරිඟු පිටි, ලුණු සහ අනිකුත් රසකාරක ද්‍රව්‍ය සමග හොදින් මිශ්‍ර කිරීම. පයකීපයක් 30C උෂ්ණත්වයේ තැබීම - මෙම කාලසීමාව තුල යීස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා පැසීම මගින් කාබන්ඩයොක්සයිඩ් වායුව සහ එතනෝල් සෑදේ. පිටි මිශ්‍රණයේ කාබන්ඩයොක්සයිඩ් වායුව බුබුලුදැමීම මගින් කුඩා වා සිදුරු ඇති වී පිටි පිපීම සිදු වේ. පාන් පිලිස්සීමෙදී එහි ඇති එතනෝල් වාෂ්ප වී ඉවත් වේ.

ඇමයිනෝ අම්ල නිෂ්පාදනය
ග්ලුටමික් අම්ල නිෂ්පාදනය Corynebacterium glutamicum
ලයිසීන් අම්ල නිෂ්පාදනය Corynebacterium glutamicum strain ATCC 1327
රා නිෂ්පාදනය
පොල්, කිතුල් වැනි තාල වර්ගයේ ශාක වල පුෂ්ප මංජරිය කපා වැගිරෙන යුෂය (මීරා) භාවිත කර රා නිෂ්පාදනය කෙරේ. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මීරා පස්සෙමේ ක්‍රියාවලියට ලක් වී එතනෝල් නිපද වේ. මෙය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී සිදු වේ. මෙහි ප්‍රථම අවධියේදී lactobacillus, Leuconostoc , Streptococcus දායක වේ. මෙහි දෙවන අවධියේදී යීස්ට් දායක වේ.

වයින් නිෂ්පාදනය
මෙහි අඩංගු ප්‍රධාන සීනි වර්ග වනුයේ ග්ලූකෝස්, ෆ්රක්ටෝස්, සුක්‍රෝස්
1.පලතුරු යුෂ පිළියෙළ කිරීම. මිදී අඹරා නියමිත සීනි සාන්ද්‍රණය සමග (10% - 25%) සකස් කර පැසීමේ ක්‍රියාවලිය සඳහා යොමු කරයි. 2.පැසීමට සැලැස්වීම මේ සඳහා Fermentor නමැති උපකරණයක් භාවිත කරයි. මෙය ස්වාභාවික පැසීමේ ක්‍රියාවලියෙන් හෝ කර්මාන්ත ශාලා වලදීද නිෂ්පාදනය කෙරේ. කර්මාන්ත ශාලා වලදී නිෂ්පාදනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් වායුව යෙදීමෙන් පස්ටරීකරණය කර ස්වාභාවික ක්ෂුද්‍ර ජීවී ගහනය ඉවත් කර Saccharomyces cerevisiye යීස්ට් වල විශේෂ මාදිලියක් යොදා ගනිමින් පැසීමට ලක් කරයි. 3. පෙරාගනීම 4. පදම් කිරීම
නිපදවාගත් වයින් ලී ගුදම් වල දමා පදම් වීමට ඉඩ හරිනු ලැබේ. මෙහිදී ගුණාත්මක බව හා ආවේනික සුවඳ වැඩිදියුණු වේ.
බීර නිෂ්පාදනය පිෂ්ටය සීනි බවට පත් කර අවශ්‍ය එන්සයිමය නිපදවීම(Malting) බාර්ලි/ තිරිඟු/ සහල් බීජ ප්‍රරෝහණය වීමට සැලැස්වීම ප්‍රරෝහණය වූ බීජ වියලා මෝල්ට් සාදා ගැනීම. ප්‍රරෝහණය වන බීජ වල ඇමයිලේස් සහ මොල්ටෙස් වැනි එන්සයිම නිපද වේ. මේවා පිෂ්ටය සීනි බවට් පත් කිරීමට වැදගත් වේ.
ධාන්‍ය පිටි සමග මෝල්ට් මිශ්‍ර කර ගැනීම ධාන්‍ය මෝල්ට් සමග ඇඹරීම. පිරිසිඳු ජලය සමග අඹරාගත් මිශ්‍රණය මිශ්‍ර කිරීම. මෙහිදී පිෂ්ටය මෝල්ට් වල ඇති එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා ග්ලුකෝස් බවට පත් වේ. මෙයින් සෑදෙන ද්‍රාවනය වර්ට් ලෙස හැඳින්වේ.
පූර්ව පැසීමේ අවධිය වර්ට් ද්‍රාවණයේ ඇති ඝන ද්‍රව්‍ය ඉවත් කර හෝප්ස් නමැති වියලාගත් බීරමල් එක් කරනු ලැබේ. බීර මල් සකස් කරගනු ලබන්නේ, Humulus lupulus පුෂ්ප මන්ජරියෙන් ලබාගත් මල් වියලා ගැනීමෙන් ය. ඉන් පසු මෙම මිශ්‍රණය නටන උෂ්ණත්වය තෙක් රත් කර ගනී. මෙගිදී එන්සයිම ක්‍රියාකාරීත්ව නැවතී බීර වල ආවේනික රසය එක් වේ.
පැසීමේ අවධිය Fermenters නමැති උපකරණ තුල සිදු වේ. මේ සඳහා බීර යීස්ට් මාදිලියක් එක කරනු ලැබේ. පැසීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසුව පදම් කිරීම, පැස්ටරීකරණය, පෙරාගනීම සහ ඇසිරීම සිදු කෙරේ.

Comments

Popular posts from this blog

IP Address

ලිපිය අපගේ ප්‍රධාන වෙබ් පිටුවෙන් ලබා ගන්න. https://sites.google.com/view/tecxick/study-materials/notes/ict/ip-address

දත්ත වල සහ තොරතුරු වල මූලික තැනුම් එකක හා ඒවායේ ගති ලක්ෂණ පිලිබඳ ව විමර්ශනය කරයි.

දත්ත ජීවන චක්‍රය Data processing life cycle දත්ත නිර්මාණය ( Data Creation ) කළමනාකරණය ( Management ) අභාවිත දත්ත ඉවත් කිරීම ( Removal of obsolete data ) දත්ත ඒකරාශී කරගන්නා ක්‍රම කිහිපයකි. එනම්, There are several ways to collect data. සම්මුඛ සාකච්චා පැවැත්වීම, (Interviewing) ප්‍රශ්නාවලි,(Questionnaires) නිරීක්ෂණය මගින් (By observation) සමීක්ෂණයෙන් (Survey) අභාවිත දත්ත ඉවත් කිරීම අභාවිත දත්ත යනු තව දුරටත් භාවිත නොවන කල් ඉකුත් වූ දත්ත වේ. මෙවැනි දත්ත ඉවත් කිරීම මෙලෙසින් හැඳින්වේ. Misused data is outdated data that is no longer used. This is called the removal of data. දත්ත වලට එරෙහිව තොරතුරු(Information against data) දත්ත යනු (What is data?), තොරතුරු සකස් කිරීමට මූලිකව ලබා ගන්න අමුද්‍රව්‍ය වේ. Data  consist of raw facts and figures - it does not have any  meaning  until it is processed and turned into something useful. දත්ත පැවතිය හැකි ආකාර(Ways in which data can exist) අක්ෂර(TEXT) ශ්‍රව්‍ය(Sound) දෘශ්‍ය(Images) දත්ත...

Logic Gates

AND Gate ප්‍රතිදානය සත්‍ය වන්නේ ලබා දී ඇති ආදාන සියල්ලම සත්‍ය නම් පමණි. The output is true only if all inputs given are true. OR gate දී ඇති එක ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. NOT gate ආදානය සත්‍ය නම් ප්‍රතිදානය එක වන අතර ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ.(ප්‍රතිවිරුද්ධ). ලබා දිය හැකි උපරිම ආදාන ගණන එකකි. XOR gate  ආදාන සමාන අවස්ථා ව ලදී ප්‍රතිදානය අසත්‍ය වේ. ආදාන අසමාන අවස්ථා වලදී ප්‍රතිදානය සත්‍ය වේ. .................................... --------------------------------------------------------------------------------